Category: Featured

උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර් සේවය ඉහළ නංවනවා

හඩ හඬා උපදින මිනිසා හඬ හඬා මිය යයි. එසේ වුව ද කටුක ජීවිතයේ අනේක විද දුක්ඛ දෝමනස්සයන් අතරතුර කෙනෙකුගේ විවාහය යනු සිනහව රැඳි අනගි මහෝත්සවයකි. මේ අවස්ථා තුනේ දී ම එම වැදගත් සිදුවීම්වලට නීත්‍යානුකූල භාවය ලබාදෙන්නේ උප්පැන්න, විවාහ සහ මරණ රෙජිස්ටාර්වරුන් විසිනි. එය අතිශය වැදගත් හා වගකීම් සහගත කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැත. වැටුපක්…

මල්වතු මහා නාහිමි බැහැදකිති

වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම් හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇතැම් පිරිස් අනවශ්‍ය බියක් ඇතිකරගෙන තිබෙන බවත් කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයකු බිහිවන මැතිවරණ ක්‍රමයක් ඉදිරියේ දී ඇතිකරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් හමුවී කියා සිටියේය. පසුගිය බ්‍රහස්පතින්දා සවස මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් හමුවීමේ රැස්වීමකින් අනතුරුව ස්වදේශ…

තිරසර සංවර්ධන සංවත්සරික පා ගමන

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ මූළිකත්වයෙන් පවත්වන ලද තිරසර සංවර්ධන ඉලක්ක දෙවැනි සංවත්සර පාගමන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළ දී ආරම්භ කෙරිණි. 2015 ඔක්තෝබර් මස 25 වැනි දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී 2030 දක්වා ක්‍රියාත්මක කරන තිරසර සංවර්ධනය ඉලක්ක කරගත් කරුණු 18ක් සඳහා ලෝකයේ රාජ්‍ය නායකයන් එකඟතාව…

ගාලු සංවර්ධනයට ජපන් ධූතයෝ එති

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා ජපන් ධූත පිරිසක් සමග ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හමුවූ අවස්ථාව. කොළඹ නිදහස් චතුරශ්‍රය අසළ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මේ හමුව සිදුවිය. එහි දී ගාල්ල දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ආයෝජන රැසක් සිදුකිරීම කිරීම පිළිබඳව හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට ආයෝජන කිරීම සම්බන්ධව එහි දී දීර්ඝ…