Category: විශේෂ හමුවීම්

මඩු පල්ලියේ පියතුමන් හමුවීම

මන්නාරම ප්‍රාදේශීය නිල මෙහෙවර අවසන් කිරීමෙන් අනතුරුව ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා මඩු දේවස්ථානයේදී එහි පරිපාලන පියතුමන් වන එමානුවෙල් පිල්ලේ පියතුමන් ඉකුත් 2017 සැප්තැම්බර් මස 30 වන දින හමු විය. මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නාමල් අබේවර්ධන මහත්මියද එක් විය.

මන්නාරම අගරදගුරුතුමන් හමුවීම

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා මන්නාරම අගරදගුරු කිංස්ලි සාමිපුල්ලේ මැතිතුමා හමුවූ අවස්ථාව. මන්නාරම ප්‍රාදේශීය නිල මෙහෙවර අවසන් කිරීමෙන් අනතුරුව වජිර අබේවර්ධන මැතිතුමා රදගුරු නිවස්නේ දී අගරදගුරුතුමා හමුවී සාකච්ඡා කළ අතර එහි පැමිණි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා සමග ද අමාත්‍යවරයා කෙටි පිළිසඳරක යෙදිණි

නුවරඑළිය රාජ්‍ය නිලධාරී හමුව

නුවරඑළිිය දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 29 වන දින නුවරඒළිිය සිනිසිටා ශාලාවේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා නුවරඑළිිය දිස්ත්‍රික් පා.ම. කේ.කේ. පියදාස, පළාත්සභා මන්ත්‍රීවරුන් වන රාජා රාම්, පියසිරි, ස්වදේශ…

මල්වතු මහා නාහිමි බැහැදකිති

වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම් හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇතැම් පිරිස් අනවශ්‍ය බියක් ඇතිකරගෙන තිබෙන බවත් කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයකු බිහිවන මැතිවරණ ක්‍රමයක් ඉදිරියේ දී ඇතිකරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් හමුවී කියා සිටියේය. පසුගිය බ්‍රහස්පතින්දා සවස මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් හමුවීමේ රැස්වීමකින් අනතුරුව ස්වදේශ…

මහනුවර දිස්ත්‍රික් නිලධාරී හමුව

මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 28 වන දින මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළත් සභාවේ ආණ්ඩුකාර නිලූකා ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක,…

ගාලු සංවර්ධනයට ජපන් ධූතයෝ එති

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා ජපන් ධූත පිරිසක් සමග ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හමුවූ අවස්ථාව. කොළඹ නිදහස් චතුරශ්‍රය අසළ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මේ හමුව සිදුවිය. එහි දී ගාල්ල දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ආයෝජන රැසක් සිදුකිරීම කිරීම පිළිබඳව හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට ආයෝජන කිරීම සම්බන්ධව එහි දී දීර්ඝ…

ස්වදේශ කටයුතු ඇමති වෘත්තීය සමිති නායකයන් හමුවෙයි

ග්‍රාම නිලධාරි හා සංවර්ධන නිලධාරි වෘත්තීය සමිති සමග සාකච්ජාවක් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 අගෝස්තු මස 01 වැනි දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහත්වරු ද ග්‍රාම නිලධාරි සංගම් හතක හා සංවර්ධන නිලධාරි සංගම් හයක නියෝජිතයෝ…