Category: විශේෂ කතා

“බන්ධනාගාරයේ සිටින්නේ ද මනුෂ්‍යයෝය”

”වරදක් කරපු කෙනෙක් එක්ක කතා කරන්න, එයාව යහ මගට ගන්න බය වෙන්න ඕන නැහැ. හිරේ වැටුණු අය පාතාලේ කියලා මිනිසුන්ගෙන් කොන් වුණු අය මාත් එක්ක කතා කරලා තියෙනාව. මම මහජන නියෝජතියෙක් විදියට හොඳ අය වගේම මේ වැරදිවලට යොමු වූ අය ගැනත් බලන්න ඕනෑ. හිරකරුවොත් මනුෂ්‍යයන් කියන එක අපි හොඳින් මතක තියාගන්න ඕනෑ.” යැයි ස්වදේශ කටයුතු…

රාජ්‍ය ‌සේවයේ ‌හොරකම මුල්බැසගත් ආයතන තියෙනවා

”රාජ්‍ය සේවයේ ඇතැම් ආයතනවල හොරකම මුල්බැහැලා තිබෙනවා. අලුතෙන් රාජ්‍ය සේවයට එන අය හොරකම නොකර රාජ්‍ය සේවයට කැපවිය යුතුයි. අපි රජයක් ලෙස රාජ්‍ය සේවයේ ඇති හොරකම ඉතා ඉක්මණින් අවසන් කරන්න කටයුතු කරනවා. ” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (04) උදෑසන බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී අතිරේක…

උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර් සේවය ඉහළ නංවනවා

හඩ හඬා උපදින මිනිසා හඬ හඬා මිය යයි. එසේ වුව ද කටුක ජීවිතයේ අනේක විද දුක්ඛ දෝමනස්සයන් අතරතුර කෙනෙකුගේ විවාහය යනු සිනහව රැඳි අනගි මහෝත්සවයකි. මේ අවස්ථා තුනේ දී ම එම වැදගත් සිදුවීම්වලට නීත්‍යානුකූල භාවය ලබාදෙන්නේ උප්පැන්න, විවාහ සහ මරණ රෙජිස්ටාර්වරුන් විසිනි. එය අතිශය වැදගත් හා වගකීම් සහගත කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැත. වැටුපක්…

” මියන්මාර් සිද්ධියේ දී අප බෞද්ධයන් මෙන් කටයුතු කළා”

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඒ බව පැවැසුවේ මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවකට මාතලේදී 2017/09/28 එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” බලන්න මියන්මාර් සිද්ධිය. ඕනම සතුරෙකුට, සතා සිව්පාවකුට කරදරයක් වුණොත් අනේ අපොයි කියන්න සිංහල බෞද්ධයන් පුරුදු වෙලා…

”පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ තවමත් පැරණි ක්‍රමවලට”

“ පොලිසිය ළමා හා කාන්තා හිංසනය, අතවරකිරීම් හා අපයෝජනය වැනි සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ තවමත් පැරණි යල්පැන ගිය ක්‍රමයට. නමුත් අපරාධ සිදුකරන්නේ නූතන තාක්ෂණය අනුව. මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා. ලෝකය බොහෝ ඉදිරියට ගිහින්. ඉතා දියුණු ක්‍රම භාවිතා කරද්දී අපි තවමත් දශක ගණනක් පිටුපසින් ඉන්නවා. නිලධාරීන්ගේ දරුවන් නිලධාරීන්ට තාක්ෂණය ගැන දන්නවා. ඔවුන්ට අපරාධ ගැන…

රජයේ ප්‍රතිපත්ති සම්පාදකයා වෘත්තීය සමිති නෙවෙයි

රජයේ ප්‍රතිපත්ති සම්පාදකයා වෘත්තීය සමිති නොවන බවත්, රජයේ ප්‍රතිපත්ති සම්පාදකයා වන්නේ රටේ මහජනතාව බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ, කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය වැඩසටහනට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “චීන රජයත් සමඟ හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කළා.එහිදී…