Category: මාර්ග සංවර්ධන

ලක්ෂ 51ක වියදමින් හිපන්කන්ද මාර්ගය සංවර්ධනය කරයි

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ හිපන්කන්ද ශ්‍රී පාද විහාරස්ථානයට යන මාර්ගය රුපියල් ලක්ෂ 51ක වියදමින් සංවර්ධනය කර ජනතා පරිහණය සඳහා විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් සිදුකෙරිණි

පොල්හුන්නාව පාරට ලක්ෂ 11.82ක්

අම්බලන්ගොඩ පොල්හුන්නාව දෙවන හරස් මාර්ගය සංවර්ධනය සඳහා රුපියල් 1,182,000ක් යොදවන ලදී. 2016 වර්ෂයේ නිලමෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව සිදුකළ මේ ව්‍යාපෘතිය අද විවෘත කිරීමට හැකිවිය.  

යසරත්න මාර්ගය සංවර්ධනයට ලක්ෂ 18ක්

බටපොළ මධ්‍යම 75බී, ග්‍රාම නිලධාරී වසමේ පිහිටි යසරත්න මාවත සංවර්ධනය කිරීම සඳහා 2016 වර්ෂයේ නිලමෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව රුපියල් 1,881,000ක් ගරු වජිර අබේවර්ධන මැතිතුමා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් යොදවන ලදී. එම අරමුදිලින් සංවර්ධනය කළ මාර්ගය අද (05) දින විවෘත කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා එක්වූයේය.

කොහිලවෙල සිට වෑනියකැලේ දක්වා මාර්ගය සංවර්ධනයට

අම්බලන්ගොඩ 75ජේ තනිපොල්ගහ ළඟ ග්‍රාම නිලධාරී වසමේ කොහිලවෙල සිට වෑනියකැලේ දක්වා මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීමට රුපියල් 198,000ක් යොදවන ලදී. 2016 වර්ෂයේ නිලමෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව ක්‍රියාත්මක කළ මෙම සංවර්ධන ව්‍යාපෘතිය අද විවෘත කෙරිණි.

ප්‍රාත්‍රකැටියට ලක්ෂ 20ක්

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ බටපොළ උතුර 75සී ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ප්‍රාත්‍රකැටිය ජනපදයට යන මාර්ගය සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් වෙන්කර එහි වැඩ අවසන් කරන ලදී. 2016 වර්ෂයේ නිලමෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව ක්‍රියාත්මක වූ මෙම සංවර්ධන ව්‍යාපෘතිය අද විවෘත කෙරිණි.

පොල්ලැව්ව ජනපද මාර්ගය සංවර්ධනය

අම්බලන්ගොඩ පොල්ලැව්ව ජනපදයට යන මාර්ගය සංවර්ධනය සඳහා රුපියල් 1,485,000ක් වියදම් කරන ලද අතර එය අද (05) ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 2016 වර්ෂයේ නිලමෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ 75සී, බටපොළ උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.

බෙන්වල මාර්ගය විවෘත කිරීම

2016 නිල මෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව සංවර්ධනය කරන ලද බෙන්වල මාර්ගයේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව විවෘත කිරීම අද ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ 81ඒ, තිලකපුර ග්‍රාම නිලධාරී වසමේ බෙන්වල මාර්ගය පිහිටා ඇත. එය සංවර්ධනය සඳහා වැය කළ මුදල රුපියල් 198,000 කි.

දළුකන්ද 3 පටුමග සංවර්ධනය කිරීම

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ 86ඩී, තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ දළුකන්ද තුන්වැනි පටුමග රුපියල් 418,000ක වියදමින් සංවර්ධනය කරන ලදී. 2016 වර්ෂයේ නිලමෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

එපිටමුල්ල මාර්ගය සංවර්ධනය

අම්බලන්ගොඩ ආසනයේ පොල්වත්ත 86 ග්‍රාම නිලධාරී වසමේ එපිටමුල්ල පාර සිට ඕකන්ද සුසාන භූමිය දක්වා මාර්ගය රුපියල් 198,000ක වියදමින් සංවර්ධනය කරන ලදී. මෙය සංවර්ධනය කරන ලද්දේ 2016 වර්ෂයේ නිලමෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීවය.

වඳුරඹ-ඇතුමලේ-යක්කටුව මාර්ගයට ලක්ෂ 3034ක්

ගංවතුර හා නායයාම් හේතුවෙන් හානියට පත් වූ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ වඳුරඹ – ඇතුමලේ – යක්කටුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අද (04) ආරම්භ කරන ලදී. ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා විසින් එම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් මේ මුදල වෙන්කර තිබේ. වෙන්කළ මුදල රුපියල් 303,407,869.90 කි (රුපියල් මිලියන 303.4කි) රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යාංශයට ලැබුණු…