Category: උත්සව

අරලියගහ මැදුරේ ඉෆ්තාර් උත්සවය

ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය අද (05) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා සමග ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා සහභාගී වූයේය.

සවුත්ලන්ඩ්ස් ”සිඟිති අබිනන්” ප්‍රදර්ශනය

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ”සිඟිති බාලිකා අබිනන්” අධ්‍යාපනික ප්‍රදර්ශනය ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දී පැවැත්වෙන් මම ප්‍රදර්ශනය 4, 5 සහ 6 තෙදින අනෙකුත් පාසල් දරුවන් සඳහා ද විවෘතව ඇත. සවුත්ලන්ඩ් විද්‍යාලයීය විදුහල්පතිනිය සන්ධ්‍යා පතිරණවසම් මහත්මිය පවසන්නේ මෙය පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද…

ස්වදේශ කටයුතු නව ‌ලේකම් වැඩ භාරගැනීම

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා සිය ධූරයේ කටයුතු ආරම්භ කිරීම අද (17) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් ද අල්විස් මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරී නිලධාරිනියන් රැසක් එක්ව සිටියහ. ගාල්ල බටපොළ…

ICM සහතික ‌බෙදාදීම

ICM Technology Institute (Private) Ltd ආයතනයේ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෝල්ඩි ගෝල් ශාලාවේ දී පැවැත්විණි

“ගාලු ව්‍යවසාය – 2018” අළෙවි ප්‍රදර්ශනය

ගාල්ල නගර සභා භූමියේ පැවැත්වෙන ”ගාලු ව්‍යවසාය – 2018″ අළෙවි ප්‍රදර්ශනය ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම අළෙවි ප්‍රදර්ශනය අප්‍රේල් මස 09, 10,11 තෙදින පැවැත්වෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය කර ඇති අතර ව්‍යවසායකයින් 75ට ආසන්න පිරසක් එහි අළෙවි කුටි පවත්වාගෙන යයි. අලුත් අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය…

රිච්මන්ඩ් ත්‍යාග ප්‍රදානය – 2016

රිච්මන්ඩ් විද්‍යාලයීය 2016 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා සහභාගී වූහ. ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර අනුස්මරණ බහුකාර්ය ශාලාවේ දී පැවැත්විණි.

ටී.ඒ.ජී.ගුණසේකර බහුකාර්ය ශාලාව විවෘත කිරීම

මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය ප්‍රතිෂ්ඨාපනය කිරීමට පුරෝගාමී මෙහෙවරක් කරමින් ඊට නායකත්වය දුන් ආචාර්ය ටී.ඒ.ජී.ගුණසේකර මහතාගේ නමින් නව බහුකාර්ය ගොඩනැගිල්ල ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි. ආචාර්ය ටී.ඒ.ජී.ගුණසේකර මහතා සමග මොහොතක් කතා කිරීමෙන් අති විශාල දැනුමක් ගත හැකියි. අපි දන්නවා යුරෝපයෙන් ජර්මනියෙන්…

උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර් සේවය ඉහළ නංවනවා

හඩ හඬා උපදින මිනිසා හඬ හඬා මිය යයි. එසේ වුව ද කටුක ජීවිතයේ අනේක විද දුක්ඛ දෝමනස්සයන් අතරතුර කෙනෙකුගේ විවාහය යනු සිනහව රැඳි අනගි මහෝත්සවයකි. මේ අවස්ථා තුනේ දී ම එම වැදගත් සිදුවීම්වලට නීත්‍යානුකූල භාවය ලබාදෙන්නේ උප්පැන්න, විවාහ සහ මරණ රෙජිස්ටාර්වරුන් විසිනි. එය අතිශය වැදගත් හා වගකීම් සහගත කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැත. වැටුපක්…

තිරසර සංවර්ධන සංවත්සරික පා ගමන

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ මූළිකත්වයෙන් පවත්වන ලද තිරසර සංවර්ධන ඉලක්ක දෙවැනි සංවත්සර පාගමන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළ දී ආරම්භ කෙරිණි. 2015 ඔක්තෝබර් මස 25 වැනි දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී 2030 දක්වා ක්‍රියාත්මක කරන තිරසර සංවර්ධනය ඉලක්ක කරගත් කරුණු 18ක් සඳහා ලෝකයේ රාජ්‍ය නායකයන් එකඟතාව…

රිච්මන්ඩ් විදුහල රැකගැනීම මහින්දීයයකු වන මගේ යුතුකමක්

”මා රිච්මන්ඩ් වරයකු නොවූව ද අසල්වැසි මහින්දීයයකු ලෙස රිච්මන්ඩ් විද්‍යාලයේ සම්පත් රැකගැනීමටත් නිරන්තරව ම රිච්මන්ඩ් විද්‍යාලේය උන්නතිය වෙනුවෙනුත් කැපවී ක්‍රියාකරන බව සතුටින් කියන්න කැමතැයි” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා අද (22) රිච්මන්ඩ් විද්‍යාලයේ දී කීවේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රිච්මන්ඩ් විද්‍යාලයේ පැවැති හරිත උදාන 2017 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයේ දෙවැනි දිනයේ ප්‍රධාන…