Category: ආපදා

බද්දේගම විපතට පත්වූවන්ට ගෘහ උපකරණ

පසුගිය මැයි මාසයේ ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් විපතට පත් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචිකරුවන් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයැවීමෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත ගෘහ උපකරණ පිරිනැමීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

හබරාදුව විපතට පත්වූවන්ට උපකරණ දෙයි

පසුගිය ගංවතුරින් හා නායයාම් හේතුවෙන් විපතට පත්වූ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පවුල් සඳහා ගෘහ උපකරණ බෙදා දීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් සිදුකෙරිණි. මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති චන්ද්‍රලාල් අබේගුණවර්ධන…

වැලිවිටිය දිවිතුර පවුල් 995කට වන්දි දෙයි

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 995ක් සඳහා රුපියල් 10,000 බැගින් වටිනා මුළුතැන්ගේ උපකරණ බෙදාදීම බදාදා දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ආධාර සැපයිණි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පුද්ගලික මැදහත් වීමෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් ගංවතුරින් විපතට පත්වූවන් නගා සිටුවීමට හා ඉදිරි ගංවතුරක…

කොලොන්නාව ගංවතුර හානි වන්දි පිරිනමයි

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ මෙහෙයවීමෙන් ඉරිදා උදෑසන අරලියගහ මන්දිරයේ දී 5,000ට අධික පිරිසකට ගංවතුර හානි වන්දි ප්‍රධානය සිදුකෙරිණි. 2016 වර්ෂයේ මැයි මාසයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විපතට පත්වූ 27,000ක පිරිස අතරින් රුපියල් 80,000ට වැඩි වන්දි හිමිවන 5,000ක පිරිසකට මෙම චෙක්පත් ප්‍රදානය සිදුවිය. වන්දි හිමිවිය යුතු අනෙක්…

හානියට පත්වූවන්ට සහන සැළසීම නොවැම්බරයේ දී අවසන්

ගංවතුර ඇතුළු ස්වභාවික විපත්වලින් හානියට පත්වූවන්ට සහන සැළසීම නොවැම්බර් අවසානයට පෙර අවසන් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. මොරවක සීමාසහිත මොරවක්කෝරළයේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිති ශාලාවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතා සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා…

තේ වතු හිමියන්ට හා කර්මාන්තශාලා හිමියන්ට රුපියල් කෝටි 33ක්

ගංවතුරින් වගා විනාශ වූ ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ට හා හානියට පත් තේ කර්මාන්තශාලා හිමියන්ට රුපියල් කෝටි 33.6ක (රුපියල් ලක්ෂ 3600ක්) චෙක්පත් ප්‍රදානය කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය කර තිබිණි.…

නියඟයට මුහුණදුන් සමාජය යථා තත්ත්වයට පත්කිරීමට රජය මැදහත්වී කටයුතු කරනවා

නියඟයට මුහුණදුන් සමාජය යථා තත්ත්වයට පත් කිරීමට රජය මැදිහත් වී කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, නියං තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි. ඉතාම වැදගත් මහජනතාවට බලපාන කරුණක්. රජය හැටියට ප්‍රශ්න දෙකකට මුහුණ දුන්නා. ගං…

නියඟය ඇති පෙදෙස්වලට ජල බවුසර්

නියඟයෙන් පීඩාවට පත්ව ඇති ප්‍රදේශවල භාවිතය සඳහා ජල බවුසර් සහිත ට්‍රැක්ටර් 25ක් බෙදා දීම අද ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් සිදුකෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදහත්වීමෙන් ලබාදුන් මෙවැනි ජල බවුසර 75ක් මීට ඉහත බෙදා දී තිබිණි. මේ අනුව නියඟයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශයන්හි ජනතාගේ ප්‍රයෝජනය සඳහා ලබාදුන් සමස්ථ ජල බවුසර සංඛ්‍යාව 100කි. එම බවුසර…