Category: ආගමික හා සංස්කෘතික

බන්ධනාගාරයෙන් කඩල දන්සැලක්

වෙසක් නැරඹීම සඳහා ගාල්ල නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද කඩල දන්සැල ආරම්භක අවස්ථාව ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ජාතික ‌වෙසක් උත්සවය ඇරැඹෙයි

නිර්මල බුදුදහම ඇති රටක් ලෙස වෙසක් දිනය නිවැරදි ලෙස ලෝකයට ග්‍රී ලංකාව ලබාදෙන බවත් ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු ගරු නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ ඉල්ලීමකට අනුව මැයි 1 වැනි දිනය මැයි සැමරුම වෙනස් කිරීමට රජය තීරණය කළ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ 2018 රාජ්‍ය…

නාහිමි මාතාවට අවසන් ගෞරව

කැලණිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත නාහිමියන්ගේ මව වන පොඩිහාමිනේ දසනායක මහත්මියගේ දේහයට කොළඹ ජයරත්න මල් ශාලාවේදී ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමන් අවසන් ගෞරව දැක්වීමට 2017 ඔක්තෝබර් මස 16 වන දින එක් විය.

මඩු පල්ලියේ පියතුමන් හමුවීම

මන්නාරම ප්‍රාදේශීය නිල මෙහෙවර අවසන් කිරීමෙන් අනතුරුව ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා මඩු දේවස්ථානයේදී එහි පරිපාලන පියතුමන් වන එමානුවෙල් පිල්ලේ පියතුමන් ඉකුත් 2017 සැප්තැම්බර් මස 30 වන දින හමු විය. මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නාමල් අබේවර්ධන මහත්මියද එක් විය.

දංගෙදර ජයවර්ධනාරාමයේ බුදුපිළිමය නිරවාරණය කරයි

ගාල්ල, දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017/10/02 පස්වරුවේ සිදුවිය. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බෝධි ප්‍රාකාරය සහ රන්වැට විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. පස්වරුවේ ගාල්ල, දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා…

මන්නාරම අගරදගුරුතුමන් හමුවීම

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා මන්නාරම අගරදගුරු කිංස්ලි සාමිපුල්ලේ මැතිතුමා හමුවූ අවස්ථාව. මන්නාරම ප්‍රාදේශීය නිල මෙහෙවර අවසන් කිරීමෙන් අනතුරුව වජිර අබේවර්ධන මැතිතුමා රදගුරු නිවස්නේ දී අගරදගුරුතුමා හමුවී සාකච්ඡා කළ අතර එහි පැමිණි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා සමග ද අමාත්‍යවරයා කෙටි පිළිසඳරක යෙදිණි

මල්වතු මහා නාහිමි බැහැදකිති

වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම් හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇතැම් පිරිස් අනවශ්‍ය බියක් ඇතිකරගෙන තිබෙන බවත් කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයකු බිහිවන මැතිවරණ ක්‍රමයක් ඉදිරියේ දී ඇතිකරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් හමුවී කියා සිටියේය. පසුගිය බ්‍රහස්පතින්දා සවස මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් හමුවීමේ රැස්වීමකින් අනතුරුව ස්වදේශ…

අගමැති මැදුර කසාවතින් බැබලෙයි

මහා සංඝරත්නය දහස් නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණා සහිත දානමය පිංකමක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එම අවස්ථාව සඳහා දිවයිනේ සෑම දෙසින් ම පැමිණි මහා සංඝරත්නය වැඩමවා සිටි අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ දානමය පිංකම සඳහා පැමිණ මහා සංඝරත්නයට දානය පිළිගැන්වූහ.

නියාගම සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිවෙයි

නියාගම සංස්කෘතික මධ්‍යස්ථානය දැනට පවත්වාගෙන යනු ලබන්නේ ගමේ සමිතියක් සතු ඉතා කුඩා පහසුකම් නොමැති ගොඩනැගිල්ලකය. ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි ගරු අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමාගේ හා එම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ඒ සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුදල් ප්‍රතිපාදන වෙන්ව…

ශ්‍රී බෝධිරාජ විහාරයේ පෙරහර සාර්ථකව අවසන්

2017 ජනවාරි මස 21 වන දින ශ්‍රී මහා බොධීරාජ පෙරහැර මංගල්‍ය අති උත්කර්ෂවත් ලෙස වීථී සංචාරය කළ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා වෙත සන්නස් පත්‍රයකින් දන්වා සිටියේය. මෙම අවස්ථාවට පූජ්‍ය උඩුගම සාරනන්ද හිමි, පෙරහැර භාරකාර නිලමේ ශාසන කීර්ති ශ්‍රී රෝහණ පුත්‍ර, නීතීඥ, අනුර චන්ද්‍රසිරි මහතා සහ පෙරහැර නිලමේ සුසන්ත ලියනාරච්චි මහතා එක් වූහ.