උත්සව 

අරලියගහ මැදුරේ ඉෆ්තාර් උත්සවය

ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය අද (05) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා සමග ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා සහභාගී වූයේය.

Read More
උත්සව 

සවුත්ලන්ඩ්ස් ”සිඟිති අබිනන්” ප්‍රදර්ශනය

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ”සිඟිති බාලිකා අබිනන්” අධ්‍යාපනික ප්‍රදර්ශනය ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දී පැවැත්වෙන් මම ප්‍රදර්ශනය 4, 5 සහ 6 තෙදින අනෙකුත් පාසල් දරුවන් සඳහා ද විවෘතව ඇත. සවුත්ලන්ඩ් විද්‍යාලයීය විදුහල්පතිනිය සන්ධ්‍යා පතිරණවසම් මහත්මිය පවසන්නේ මෙය පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද බවයි.  

Read More
ව්‍යාපෘති 

ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉදි කළ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ඇරයුමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් සිදුකෙරිණි. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 420 කි. මෙහි විශේෂත්වය වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා 2016 සැප්තැම්බර් මස 28 වන දින මෙහි මුල්ගල තබා වැඩ ආරම්භ කළ අතර වසර එකාහමාරක් වැනි කෙටි කලකදි මෙම ගොඩනැගිල්ලෙහි වැඩ අවසන් කිරිමය. මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සි. අලවතුවල, මිල්ලනිය ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් වන…

Read More
Uncategorized 

වෙසක් බැති ගී – ගාල්ල දිස්ත්‍රික් ‌ලේකම් කාර්යාලය

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ වෙසක් බැති ගී වැඩසටහන සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යා ගරු වජිර අබේවර්ධන මැතිතුමා සහ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා සහභාගී වූහ.

Read More
ආගමික හා සංස්කෘතික 

බන්ධනාගාරයෙන් කඩල දන්සැලක්

වෙසක් නැරඹීම සඳහා ගාල්ල නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද කඩල දන්සැල ආරම්භක අවස්ථාව ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Read More
මාර්ග සංවර්ධන 

ලක්ෂ 51ක වියදමින් හිපන්කන්ද මාර්ගය සංවර්ධනය කරයි

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ හිපන්කන්ද ශ්‍රී පාද විහාරස්ථානයට යන මාර්ගය රුපියල් ලක්ෂ 51ක වියදමින් සංවර්ධනය කර ජනතා පරිහණය සඳහා විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් සිදුකෙරිණි

Read More
ව්‍යාපෘති 

ගැටුලාව ගමේ ජනතාව ”නිල සෙවණ” කාර්යාලයට තම දායකත්වයත් සපයති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටුලාව ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද ”නිල සෙවණ” කාර්යාලය ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමාගේ හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් බණ්ඩාර මැතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි. ගරු වජිර අබේවර්ධන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව ඉදිකරනු ලබන ”නිල සෙවණ” ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලයක් සඳහා රජය වෙන්කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 20කි. කාර්යාලය ඉදිකිරීම සඳහා රජයෙන් යෝජනා කර ඇති සැළසුම සඳහා එම මුදල…

Read More
ව්‍යාපෘති 

හෙණ්ඩියාපොළ නිල ‌සෙවණ කාර්යාලය විවෘතකිරීම

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව ඉදිකරනු ලබන ”නිල සෙවණ” ක්ෂේත්‍ර නිලධාරී කාර්යාල සමූහය අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙණ්ඩියපොළ 1440 ග්‍රාම නිලධාරී වසමේ ”නිල සෙවණ” කාර්යාලය විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමා සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා ද සහභාගී වූහ.

Read More
ආගමික හා සංස්කෘතික 

ජාතික ‌වෙසක් උත්සවය ඇරැඹෙයි

නිර්මල බුදුදහම ඇති රටක් ලෙස වෙසක් දිනය නිවැරදි ලෙස ලෝකයට ග්‍රී ලංකාව ලබාදෙන බවත් ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු ගරු නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ ඉල්ලීමකට අනුව මැයි 1 වැනි දිනය මැයි සැමරුම වෙනස් කිරීමට රජය තීරණය කළ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ 2018 රාජ්‍ය වෙසක් උත්සවයෙහි සමාරම්භක උත්සව අවස්ථාවට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී ඊයේ (26) එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මෙවර වෙසක් පෝය යෙදෙන්නේ අප්‍රේල් මස 29 වැනිදා. 2019 වසරේ පෝය දිනය පිළිබඳව ගැසට් පත්‍රයට මම ඉකුත්…

Read More
ගාල්ල සංවර්ධන 

Merchant Bank of Sri Lanka & Finance PLC ගාල්ල නව ශාඛාව විවෘත කිරීම

Merchant Bank of Sri Lanka & Finance PLC ගාල්ල නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා අද සහභාගී වූ අවස්ථාව එම බැංකුවේ සභාපති සුජීව ලොකුහේවා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ගාල්ලේ ව්‍යාපාරිකයන් රැසක් ද එක්ව සිටියහ.

Read More