ව්‍යාපෘති 

ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉදි කළ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ඇරයුමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් සිදුකෙරිණි.

මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 420 කි.

මෙහි විශේෂත්වය වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා 2016 සැප්තැම්බර් මස 28 වන දින මෙහි මුල්ගල තබා වැඩ ආරම්භ කළ අතර වසර එකාහමාරක් වැනි කෙටි කලකදි මෙම ගොඩනැගිල්ලෙහි වැඩ අවසන් කිරිමය.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සි. අලවතුවල, මිල්ලනිය ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් වන විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක යන මහත්වරු ඇතුළු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරු සහභාගී වූහ.

 

Related posts

Leave a Comment