ව්‍යාපෘති 

ගැටුලාව ගමේ ජනතාව ”නිල සෙවණ” කාර්යාලයට තම දායකත්වයත් සපයති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටුලාව ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද ”නිල සෙවණ” කාර්යාලය ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමාගේ හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් බණ්ඩාර මැතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි. ගරු වජිර අබේවර්ධන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව ඉදිකරනු ලබන ”නිල සෙවණ” ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලයක් සඳහා රජය වෙන්කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 20කි. කාර්යාලය ඉදිකිරීම සඳහා රජයෙන් යෝජනා කර ඇති සැළසුම සඳහා එම මුදල…

Read More
ව්‍යාපෘති 

හෙණ්ඩියාපොළ නිල ‌සෙවණ කාර්යාලය විවෘතකිරීම

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව ඉදිකරනු ලබන ”නිල සෙවණ” ක්ෂේත්‍ර නිලධාරී කාර්යාල සමූහය අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙණ්ඩියපොළ 1440 ග්‍රාම නිලධාරී වසමේ ”නිල සෙවණ” කාර්යාලය විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමා සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා ද සහභාගී වූහ.

Read More
ආගමික හා සංස්කෘතික 

ජාතික ‌වෙසක් උත්සවය ඇරැඹෙයි

නිර්මල බුදුදහම ඇති රටක් ලෙස වෙසක් දිනය නිවැරදි ලෙස ලෝකයට ග්‍රී ලංකාව ලබාදෙන බවත් ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු ගරු නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ ඉල්ලීමකට අනුව මැයි 1 වැනි දිනය මැයි සැමරුම වෙනස් කිරීමට රජය තීරණය කළ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ 2018 රාජ්‍ය වෙසක් උත්සවයෙහි සමාරම්භක උත්සව අවස්ථාවට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී ඊයේ (26) එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මෙවර වෙසක් පෝය යෙදෙන්නේ අප්‍රේල් මස 29 වැනිදා. 2019 වසරේ පෝය දිනය පිළිබඳව ගැසට් පත්‍රයට මම ඉකුත්…

Read More
ගාල්ල සංවර්ධන 

Merchant Bank of Sri Lanka & Finance PLC ගාල්ල නව ශාඛාව විවෘත කිරීම

Merchant Bank of Sri Lanka & Finance PLC ගාල්ල නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා අද සහභාගී වූ අවස්ථාව එම බැංකුවේ සභාපති සුජීව ලොකුහේවා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ගාල්ලේ ව්‍යාපාරිකයන් රැසක් ද එක්ව සිටියහ.

Read More
විශේෂ කතා 

“බන්ධනාගාරයේ සිටින්නේ ද මනුෂ්‍යයෝය”

”වරදක් කරපු කෙනෙක් එක්ක කතා කරන්න, එයාව යහ මගට ගන්න බය වෙන්න ඕන නැහැ. හිරේ වැටුණු අය පාතාලේ කියලා මිනිසුන්ගෙන් කොන් වුණු අය මාත් එක්ක කතා කරලා තියෙනාව. මම මහජන නියෝජතියෙක් විදියට හොඳ අය වගේම මේ වැරදිවලට යොමු වූ අය ගැනත් බලන්න ඕනෑ. හිරකරුවොත් මනුෂ්‍යයන් කියන එක අපි හොඳින් මතක තියාගන්න ඕනෑ.” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල බන්ධනාගාරයේ අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් කීවේය. ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ දී පසුගිය ඉරිදා (22) බන්ධනාගාර රැඳවියන්ගේ සහභාගීත්වයෙන් මෙම අවුරුදු උත්සවය පැවැත්විණි. එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද…

Read More
විශේෂ කතා 

රාජ්‍ය ‌සේවයේ ‌හොරකම මුල්බැසගත් ආයතන තියෙනවා

”රාජ්‍ය සේවයේ ඇතැම් ආයතනවල හොරකම මුල්බැහැලා තිබෙනවා. අලුතෙන් රාජ්‍ය සේවයට එන අය හොරකම නොකර රාජ්‍ය සේවයට කැපවිය යුතුයි. අපි රජයක් ලෙස රාජ්‍ය සේවයේ ඇති හොරකම ඉතා ඉක්මණින් අවසන් කරන්න කටයුතු කරනවා. ” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (04) උදෑසන බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරුන්ට, පොත් බැඳුම්කරුවන්ට හා උප්පැන්න, විවාහ සහ මරණ අතිරේක රෙජිස්ටාර්වරුන් කිහිප දෙනකුට නව පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහි දී වජිර අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය. ”රාජ්‍ය සේවකයන්ට චෝදනා එල්ල වෙනවා. අතපසුවීමකින් සිදුවන…

Read More
උත්සව 

ස්වදේශ කටයුතු නව ‌ලේකම් වැඩ භාරගැනීම

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා සිය ධූරයේ කටයුතු ආරම්භ කිරීම අද (17) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් ද අල්විස් මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරී නිලධාරිනියන් රැසක් එක්ව සිටියහ. ගාල්ල බටපොළ දී උපත ලබා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ එස්.ටී.කොඩිකාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමට පෙර ගාල්ල දිසාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. කොඩිකාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. අධ්‍යාපන පරිපාලන සේවයට එක්ව නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු…

Read More
ගාල්ල සංවර්ධන 

ටයිල් නිෂ්පාදන ආයතනය නිරීක්ෂණයට

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ස්ථාපිත කර ඇති ටයිල් නිෂ්පාදනයක් නිරීක්ෂණය කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා එහි ගියේය. මෙවැනි කර්මාන්ත වැඩිදියුණු කිරීම, එමගින් රැකියා අවස්ථා ඇතිකිරීම හා විදේශ විනිමය ඉපයීම කෙරෙහි රජයේ අවධානය යොමුව පවතී.

Read More
උත්සව 

ICM සහතික ‌බෙදාදීම

ICM Technology Institute (Private) Ltd ආයතනයේ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෝල්ඩි ගෝල් ශාලාවේ දී පැවැත්විණි

Read More
උත්සව 

“ගාලු ව්‍යවසාය – 2018” අළෙවි ප්‍රදර්ශනය

ගාල්ල නගර සභා භූමියේ පැවැත්වෙන ”ගාලු ව්‍යවසාය – 2018″ අළෙවි ප්‍රදර්ශනය ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම අළෙවි ප්‍රදර්ශනය අප්‍රේල් මස 09, 10,11 තෙදින පැවැත්වෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය කර ඇති අතර ව්‍යවසායකයින් 75ට ආසන්න පිරසක් එහි අළෙවි කුටි පවත්වාගෙන යයි. අලුත් අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ද පහසු මිලට ගැනීමට එහි දී අවස්ථාව ඇත. ගාල්ල දිස්ත්‍රික් ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.    

Read More