උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර් සේවය ඉහළ නංවනවා

හඩ හඬා උපදින මිනිසා හඬ හඬා මිය යයි. එසේ වුව ද කටුක ජීවිතයේ අනේක විද දුක්ඛ දෝමනස්සයන් අතරතුර කෙනෙකුගේ විවාහය යනු සිනහව රැඳි අනගි මහෝත්සවයකි.
මේ අවස්ථා තුනේ දී ම එම වැදගත් සිදුවීම්වලට නීත්‍යානුකූල භාවය ලබාදෙන්නේ උප්පැන්න, විවාහ සහ මරණ රෙජිස්ටාර්වරුන් විසිනි. එය අතිශය වැදගත් හා වගකීම් සහගත කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
වැටුපක් නොලබන ගරු සේවයක නිරතවන ඔබ විසින් ගොඩනගාගත් උප්පැන්න මරණ විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සංගමයේ සංවත්සරයට සහභාගී වීමට ලැබීම මම මගේ භාග්‍යක් ලෙස සළකමි.
1985 වර්ෂයේ දී කොළඹ කේන්ද්‍ර කරගනිමින් බිහි වූ සංගමය ඉන් පසු දීප ව්‍යාප්ත සංගමයක් ලෙස වර්ධනය කර එම සංගමයේ කොළඹ ශාඛාව ලෙස යළිත් ආරම්භ කිරීම ඔබගේ කැපවීම හා විශිෂ්ඨත්වය පෙන්වාදෙන්නකි.
ජනතාව සමීපයේ සිටිමින් ඔවුන්ට අවැසි සේවාව නොපැකිළිව, වගකීම් සහිතව ලබා දීමට ඔබ සියලූ දෙනා නිරන්තරව දක්වන දායකත්වය මම මහත් සේ අගය කරමි. ඔබ මේ සේවාව ලබා දීමේ දී තම සියලූ පුද්ගලික උවමනා එපාකම් පසෙකලා ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන ආකාරය ප‍්‍රශංසනීයය. සංකීර්ණ සමාජ වාතාවරණයන් යටතේ නොයෙකුත් දුෂ්කරතාවයන් මධ්‍යයේ වුව ද ඔබ කරන මෙහෙවර ඇගයීමට පාත‍්‍ර විය යුතුය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඔබ සංගමයේ සාමාජිකයන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් ද මෙම සේවාවේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත්තේ ඔබගේ සේවයේ වැදගත් කම රජයක් ලෙස නිවැරදිව හ`දුනාගෙන ඇති බැවිනි.
ඉදිරියේ දී ඔබ සියලූ දෙනා විසින් ලබා දෙන සේවාව නිසි ඇගයීමකට ලක්කිරීමටත් එය වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය වර්ධනයන් සිදුකිරීමටත් රජයක් ලෙස අප කටයුතු කරන බව මේ අවස්ථාවේ දන්වනු කැමැත්තෙමි.
ඔබ සංගමයේ සියළු කටයුතු සර්වප‍්‍රකාරයෙන් ම සාර්ථක වේවායැයි ප‍්‍රාර්ථනා කරමි.

Share This Post

Post Comment