උඩුබද්දාව ප්‍රාදේශීය නිල මෙහෙවර

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ උඩුබද්දාව ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය 2017 ඔක්තෝබර් මස 15 වන දින දුම්මලසූරිය ජේ.ආර්.ජයවර්ධන විද්‍යාලයේදී වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මැතිනියගේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි. මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ජී.ඉලංගරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

Share This Post

Post Comment