පොලිසියට ”නිල සෙවණ” නිවාස 100ක්

මෙම නිවාස විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී හා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති විජේපාල හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

” රජයේ නිලධාරීන් මතක තබාගත යුතු ප්‍රධාන දෙයක් තිනෙවා. අපි නිදහස ලබලා දැන් අවුරුදු 70ක් වෙනවා. නමුත් අද වෙනතුරු කිසිම විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ දියුණු වූ නගරයක් බලන්න එන්නේ නැහැ. තවමත් ගාල්ලට එන්නේ පෘතුගීසීන් හා ඕලන්ද ජාතිකයන් ඉදිකරපු ගාල්ල කොටුව බලන්න. නැත්නම් පොළොන්නරුවේ අනුරාධපුරයේ සීගිරියේ නටඹුන් බලන්න. අපි නිදහසින් පස්සේ මොනවාද කළේ.
2002 දී මම ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස සිටිය දී ගාල්ල සහ හබරාදුවේ රජයේ සේවකයන් වෙනුවෙන් නිවාස සංකීර්ණ හදන්න මුල්ගල් තියලා වැඩ පටන් ගත්තා. 2015 දී මා නැවත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වනතුරු මේ නිවාස සංකීර්ණය රජයේ සේවකයන්ට භාරදීලා නැහැ. නමුත් අද වැකුණුගොඩ නිවාස පන්සයට වැඩි සමස්ථ සංකීර්ණය ම රජයේ සේවකයන්ට ලබාදෙන්න අපිට හැකියාව ලැබුණා. එදා මේ ගොඩනැගිලි ඉදිකළේ මේවායේ ඉඩම් වටිනාකම බිංදුවක් ලෙස සළකා නිවාස වටිනාකම පමණක් දීමට. නමුත් මේ ගොඩනැගිලි හදලා ඉවර වෙන විට ඒවායේ වටිනාකම ලක්ෂ 12 සිට 45 දක්වා වැඩි වෙලා. නමුත් අපි දැන් මේ ගොඩනැගිලි රජයේ සේවකයන්ට ලබා දෙනවා.
අද මේ ගැන සතුටුයි. අපි ගාල්ල නගරය දියුණු නව නගරයක් ලෙස වැඩිදියුණු කරනවා. එතැන දී ගාල්ල නගරයේ තිබෙන පොලිසිය, පොලිස් බැරැක්ක වගේ දේවල් එතැනින් ඉවත් කරලා නව නගර සැළැස්ම අනුව පිටතට ගෙන යා යුතුයි. නගරය පුළුල් විය යුතුයි. අද මේ ආකාරයෙන් පොලිස් නිලධාරීන්ට වැකුණුගොඩ නිල නිවාස 100ක් ලබා දෙන්නේ මෙහි එක් පියවරක් ලෙස. රජයේ සේවකයන් ලෙස ගාල්ල නගරයේ දියුණුව වෙනුවෙන් ඔබ ඉදිරියේ දීත් කැපවී ක්‍රියාකළ යුතු යැයි මා ඉල්ලා සිටිනවා.”

 

Share This Post

Post Comment