නුවරඑළිය රාජ්‍ය නිලධාරී හමුව

නුවරඑළිිය දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 29 වන දින නුවරඒළිිය සිනිසිටා ශාලාවේදී පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා නුවරඑළිිය දිස්ත්‍රික් පා.ම. කේ.කේ. පියදාස, පළාත්සභා මන්ත්‍රීවරුන් වන රාජා රාම්, පියසිරි, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස්, සුරා බදු අධ්‍යක්ෂ ජෙනරාල් හෙලන් මීගස්මුල්ල, නුවරඑලිය වැඩබලන දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර යන මහත්ම මහත්මීහු එක් වූහ.

Share This Post

Post Comment