නිල මෙහෙවර 

පඬුවස්නුවර බටහිර නිල මෙහෙවර ජනපති ජනතා සේවය

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය 2017 අගෝස්තු මස 05 වන දින පඬුවස්නුවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේදී වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ජී.ඉලංගරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

Related posts

Leave a Comment