රජයේ ප්‍රතිපත්ති සම්පාදකයා වෘත්තීය සමිති නෙවෙයි

රජයේ ප්‍රතිපත්ති සම්පාදකයා වෘත්තීය සමිති නොවන බවත්, රජයේ ප්‍රතිපත්ති සම්පාදකයා වන්නේ රටේ මහජනතාව බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ, කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“චීන රජයත් සමඟ හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කළා.එහිදී විවිධ කථා කියනවා. රට චීනයට විකුණනවා කියනවා.අවුරුද්දකට බිලියන 50 ක පමණ ණය ගෙවන්න අපට තියෙනවා.ඒ ණය ගෙවන්නේ ඔබගේ මුදලින්. මහා ණය කන්දක් ගෙවනවාද? ඒ ණය කන්ද එයට වඩා ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරනවාද? ඒ නිසා තමයි චීන ආණ්ඩුව සමඟ කථා කර, ගිවිසුම් ගත වෙලා නියම ප්‍රයෝජනය ගැනීමට කටයුතු කරමින් පවතින්නේ.

ඒ නිසා ජාතියක් ලෙස අපට ආපසු හැරෙන්න බැහැ. යම් කටයුත්තක් ආරම්භ කරන විට වැරදි කියනවා. පසුව ඔවුන් එය භුක්ති විදිනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සුප්‍රීම් මහජනතාවයි.සුප්‍රිම් මහජනතාවට අනුව ඕන දෙයක් කරන්න පුළුවන්.සුප්‍රිම් ජනතාව කලබල කර ගන්න හොඳ නැහැ.මහජන පරමාධිපත්‍යයට කාටවත් බාධා කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩි දෙනාගේ කැමැත්ත.ඒ සඳහා වෙන අර්ථකථන දෙන්න බැහැ.ඒ අනුව අපි ඉදිරියට යා යුතුයි.” යැයි කීය.

Share This Post

Post Comment